ජපානය විසින් ඉදිරිපත් කළ නවීනතම අක්මා පිළිකා පර්යේෂණ පද්ධතිය


ජපානය නවතම අක්මා පිළිකා පර්යේෂණ පද්ධතියක් හඳුන්වා දෙයි

.

මේ වනවිට තායිලන්තයේ ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති අක්මා පිළිකා රෝගය කල්තියා හඳුනාගැනීමට හැකිවන අයුරින් ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික දැනුම භාවිතා කර ජපානය විසින් සංවර්ධනය කරන ලද නව පර්යේෂණ යන්ත්‍රයක් එරට සෞඛ්‍ය අමාත්‍යාංශයට පිරිනැමීමට නියමිත බව වාර්තා වේ .

 

2024 මූල්‍ය වර්ෂය වනවිට මෙම පද්ධතිය ලොවට හඳුන්වාදීමේ අරමුණින් ජපානයේ ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ සහයෝගීතාව මධ්‍යයේ Fujifilm Corp. විසින් අක්මාව පිළිබඳ අධ්‍යයනයට සහභාගී වූ තායි සංගමය සහ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව මෙම වැඩිදියුණු කිරීම් සිදුකර තිබේ.   

 

ජපන් රූපකරණ සහ සෞඛ්‍ය ආරක්ෂණ විසඳුම් සමාගම විසින් තායිලන්තයේ සායනික පුහුණු මාර්ගෝපදේශ වලට මෙම පරීක්ෂණ පද්ධතිය ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන අතර එමඟින් පද්ධතිය රක්ෂණයෙන් ආවරණය වීම සිදු වේ.

Comments