ගිනිකොනදිග ජපානයේ කගොශිමා ප්‍රාන්තයේ කනෝයා නගර වාසීන් විසින් පසුගියදා පෙත්සමක් නාගරික ප්‍රාන්ත රජයට බාර දෙමින් කියා සිටියේ යෝජිත ජපාන ඇමරිකා හමුදා ඩ්‍රෝන යාත්‍රා ව්‍යාපෘතියට තමන් විරෝධ වන බවයි.
ටෝකියෝ සහ වොෂින්ටනයේ එකඟතාවයන් අනුව පිහිට වන්නට සැලසුම් කර ඇති මෙම හමුදා ඩ්‍රෝන යාත්‍රා අංගනය MQ 9 ඩ්‍ර්‍රෝන යාත්‍රා සහිතව කනෝයා හි පිහිටි ජපාන ගුවන් හමුදා මූලස්ථානය ස්ථාපිත කිරීමට ඊට පෙර සැලසුම් සකස් කර තිබුණි. ප්‍රදේශවාසීන් කණ්ඩායමක් එකතු වී කනෝයා නගර ශාලාව වෙත රැස්වී නගරාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානි Ryuji Gohara වෙත ලිඛිතව මෙම පෙත්සම භාර දී තිබුණි.
ඡායාරූපය : mainichi