පොලිස් පරීක්ෂකවරයෙකු අතින් අපරාධ ලියකියවිලි තොගයක් අස්ථානගත වේ


ලේඛන කිසිවක් මේ වනතෙක් සොයාගෙන නොමැති අතර පරීක්ෂකවරයා වෙනත් දෙපාර්තමේන්තුවකට මාරු කර ඇති බවයි වාර්තා වන්නේ.

.

Hyogo ප්‍රාන්ත පොලිසියේ ජීවිත හා ආර්ථික අංශයේ සේවය කළ 40 හැවිරිදි පිරිමි පරීක්ෂකවරයෙකු අතින් අපරාද සිද්ධීන් කීපයකට සම්බන්ධ පුද්ගලයන් 359 දෙනෙකුගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් විමර්ශන ලේඛන අස්ථානගතවී තිබෙනවා.

ලේඛන කිසිවක් මේ වනතෙක් සොයාගෙන නොමැති අතර පරීක්ෂකවරයා වෙනත් දෙපාර්තමේන්තුවකට මාරු කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රාන්ත පොලිසියට අනුව අගෝස්තු 12 වන දින රාත්‍රියේ පරීක්ෂකවරයා තම සගයන් සමඟ izakaya හිදී බියර් පානය කර පාරේ නිදාගෙන ඇති අතර එවිට පරීක්ෂණ ලියකියවිලි සහිත බෑගය අස්ථානගතවී තිබෙනවා. ඔහුගේ ප්‍රධානියාගේ අවසරයකින් තොරව ඔහු මෙම ලේඛන පිටතට ගෙනගොස් ඇති අතර ප්‍රාන්ත පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 178 දෙනෙකුගෙන් සමාවද ඉල්ලා තිබෙනවා.

139 Views

Comments