බාලවයස්කාර දැරියක් කෙලෙසූ ගුරුවරයෙක් අත්අඩංගුවට


පොලිසිය පවසන පරිදි Masayuki Kurita නම් අදාල සැකකරුට පළමු වරට දැරිය මුණගැසී ඇත්තේ ජූනි 29 වන දින රාත්‍රී 11 ට පමණය.

.

වයස අවුරුදු 18 ට අඩු ගැහැණු ළමයෙකු සමඟ ලිංගිකව හැසිරුණු බව කියන 46 හැවිරිදි පෞද්ගලික උසස් පාසල් ගුරුවරයෙකු සැකපිට චිබා ප්‍රාන්තයේ ඉචිහාරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන පරිදි Masayuki Kurita නම් අදාල සැකකරුට පළමු වරට දැරිය මුණගැසී ඇත්තේ ජූනි 29 වන දින රාත්‍රී 11 ට පමණය. පසුව ඔහු විසින් දැරියව මෝටර් රථ නැවැත්වීමේ ස්ථානයකට ගෙනගොස් ඔහු සමඟ ලිංගිකව හැසිරීමට යෙන් 10,000 ක් ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.

තමා සමාජ මාධ්‍ය හරහා දැරිය දැන හඳුනා ගත් බවත් ඇය බාල වයස්කරුවෙකු බව ඔහු දැන සිටි බවත් සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

 

131 Views

Comments