ඇමරිකාවට වර්ගවාදයට එරෙහි ආසියානු හඬ


ඇමරිකාවේ කැලිෆෝනියාහි වෙසෙන 49 හැවිරිදි Erika Moritsugu..

.

ඇමරිකාවේ කැලිෆෝනියාහි වෙසෙන 49 හැවිරිදි Erika Moritsugu ඇමරිකාවේ උප්පත්තිය ලද ජපාන ජාතික කාන්තාවකි. ධවල මන්දිරයේ ආසියානු ඇමරිකානු සම්බන්ධතා පිළිබඳව ජේෂ්ඨ නිලධාරිනියක් වන ඇය මේ වන විට ආසියාතිකයන් සහ අනෙකුත් ජාතීන් පිළිබඳ ඇමරිකාව තුල පවතින වර්ගවාදයට විරුද්ධව හඬක් නගමින් සිටී.

කොවිඩ් වසංගතය ආරම්භ වූ වර්ෂ 2020 සිට මේ වන තෙක් තමන් ද ඇතැම් ඇමරිකානු වර්ග වාදීන්ගේ ක්‍රියා කලාප වලට හසු වූ බවත් පසුගිය දිනක සිය දරුවන් සමඟ බස් නැවතුම් පලක සිටිනවිට අමෙරිකානු ජාතිකයෙක් ඉතා පරුෂ වචනයෙන් තමන්ට බැණ වැදී ගිය බවත් ඇය පවසා සිටියේ ය. එම සිද්ධියෙන් තම දරුවා ද මහත් කම්පනයකට පත් වූ අතර එතැන් පටන් ඇය එය පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමද නතර කළ බව Kyodo පුවත් සේවය සමඟ පැවති සම්මුඛ ැති සම්මුඛ සාකච්ඡාවක දී ඇය හෙළිදරව් කළේය. ඇය  තවදුරටත් පවසා සිටියේ වර්ගවාදයට එරෙහි නව ඇමරිකානු ජනාධිපතිවරයා ගේ දැක්ම ඉතා යහපත් බවත් ඒ වෙනුවෙන්  සාධාරණය ඉටු කිරීමට තමන් දිගටම හඬක් නගන බවත්ය.

ඡායාරූපය :mainichi

279 Views

Comments