අධික හිම පතනයෙන් ජන ජීවිතයට බාධා


අධික හිම පතනය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇත.

.

ජපානයේ උතුරේ සහ අනෙකුත් ප්‍රදේශවල අධික හිම පතනය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් 80 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර නිවාස 10,000 කට වැඩි සංඛ්‍යාවකට විදුලිය විසන්ධි කර ඇති බව බලධාරීහු ප්‍රකාශ කළහ.

එමෙන්ම උතුරු ජපානයේ දුම්රිය සහ ගුවන් යානා සේවා අඩාල වූ අතර මධ්‍යම සහ බටහිර ප්‍රදේශවල රථවාහන ගමනාගමනයටද බාධා ඇති වී තිබේ.

මේ අතර ජපන් මුහුදේ හිම කුණාටු සහ උස් රළ හේතුවෙන් සෙන්ටිමීටර 60 ක් පමණ ගැඹුරට හිම ඇති විය හැකි බවද් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීය.

 

103 Views

Comments