ඥාති සොහොයුරිය ඝාතනය කිරීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට


34 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු තම 32 හැවිරිදි ඥාති සොහොයුරිය ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

ඔසාකා ප්‍රාන්තයේ සකායි හි පොලිසිය විසින් 34 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු තම 32 හැවිරිදි ඥාති සොහොයුරිය ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියට අනුව සිද්ධිය ඊයේ(27) අලුයම 2 ට පමණ සිදුවී ඇති බව Kyodo News වාර්තා කළේය.  

යොෂිහාරු නිෂියෝකා නමැති සැකකරු තම ඥාති සොහොයුරියගේ මුහුණට සහ බෙල්ලට පිහියෙන් ඇන ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබූ කාන්තාව රෝහල් ගත කර ඇති අතර ඇය තවමත් සිහිසුන්ව සිටින බව පොලිසිය පැවසීය.

147 Views

Comments