ගිලුණු හොක්කයිඩෝ බෝට්ටුවේ සිදු කෙරෙන කැමරා පර්යේෂණ


ගිලුණු සංචාරක යාත්‍රාවේ පරීක්ෂණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ

.

පසුගියදා Hokkaido හි Shiretoko අර්ධද්වීපයට ඔබ්බෙන් මුහුදුබත් වූ සංචාරක බෝට්ටුවේ තිබී දිය යට ඉතිරිව ඇති ජීවිතාරක්ෂක කබායක් ලෙස පෙනෙන වස්තුවක් සොයාගෙන ඇති බව ජපාන වෙරළාරක්ෂක බලකාය වෙත සමීප මූලාශ්‍රයක් විසින් අනාවරණය කොට තිබේ.

 

Kazu I නැරඹුම් යාත්‍රාවේ අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් වල නිරත ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායේ (MSDF) පිරිසක් විසින් අප්‍රේල් 30 වන දින දිය යට කැමරාවක් මගින් මුහුදු පත්ල මැන බැලීමේ දී මෙය දැක ඇති නමුත් කබායේ අයිතිය තවමත් හදුනාගෙන නොමැති බව වාර්තා වේ .  

 

යාත්‍රාව සාගර මතුපිට සිට 120m පමණ පහළට ගිලී ඇති බැවින්, වඩදිය බාදිය හේතුවෙන් දිය යට කැමරාව කේබලයකින් සාගර පත්ලට පහත් කිරීම පහසු කාර්යයක් නොවන බව පැවසෙන අතර බෝට්ටුව මුහුදු පත්ලෙන් ඔසවන්නට පෙර අතුරුදන් වූවන් සෙවීමට ප්‍රමුඛත්වය දීමට සැලසුම් කර ඇති බව JCG සහ අනෙකුත් වගකිවයුතු පාර්ශවයන් පෙන්වා දී ඇත.

Comments