තරුණයෙකු කොල්ල කෑ තිදෙනෙක් සොයා පරීක්ෂණ


ඊයේ(27) අලුයම ඔසාකා ප්‍රාන්තයේ සකායි හි උද්‍යානයේ බංකුවක නිදා සිටි 20 හැවිරිදි තරුණයෙකුව කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙක් විසින් කොල්ල කා තිබෙනවා.

.

ඊයේ(27) අලුයම ඔසාකා ප්‍රාන්තයේ සකායි හි උද්‍යානයේ බංකුවක නිදා සිටි 20 හැවිරිදි තරුණයෙකුව කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙක් විසින් කොල්ල කා තිබෙනවා.

අලුයම 12:20 ට පමණ සමාගම් සේවකයෙකු වන අදාල තරුණයාට අවසන් දුම්රිය මඟ හැරීම හේතුවෙන් උද්‍යාන බංකුවක් මත වැතිර සිට තිබෙනවා.

පසුව අදාල සැකකරුවන් තිදෙනා ඔහු අසලට පැමිණ ඔහුව බංකුවෙන් ඇදගෙන ගොස් ඔහුට මුදල් තිබේදැයි පිහියක් පෙන්වා තර්ජනය කර ඇති අතර ඔහුගේ ජැකට්ටුවද කපා දමා තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුව තරුණයාගේ යෙන් 20,000 ක මුදල් සහ ඔහුගේ ක්‍රෙඩිට් කාඩ්පත ලබා ගෙන සැකකරුවන් තිදෙනා පලා ගොස් තිබෙනවා.

එම ප්‍රදේශයේ වීදි නිරීක්ෂණ කැමරා දර්ශන පරීක්‍ෂා කර සැකකරුවන් තිදෙනා හඳුනා ගැනීමට උත්සාහ කරන බවයි පොලිසිය පැවසුවේ.

 

97 Views

Comments