විශ්‍රාම වැටුප ගැනීමට පියා මියගිය බව සැඟවූ පුතා


පොලිසිය පැවසුවේ සැකකරු වන ෂෝගෝ කනායා චෝදනාව පිළිගෙන ඇති බවයි.

.

තම 87 හැවිරිදි පිය මියගිය පසු කිසිවෙකුටත් ඒ පිළිබඳ දැනුම් නොදී මළ සිරුර නිවසේ අතහැර දමා ගිය බවට සැකපිට 53 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු ඔසාකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ සැකකරු වන ෂෝගෝ කනායා චෝදනාව පිළිගෙන ඇති බවයි.

ඔවුන්ගේ නාගරික නිවසේ කුලිය ගෙවීමට සහ ජීවන වියදම් සඳහා තම පියාගේ විශ්‍රාම වැටුප දිගටම ලබාගැනීමට ඔහු මෙසේ කර තිබුණා.

සෙනසුරාදා පෙරවරු 9:30 ට පමණ නගර සේවකයෙකු මෙම නිවසට පැමිණි විට ෂිගෙමි කනායාගේ ඇටසැකිල්ලක් සොයාගෙන පොලිසියට කතා කළේය.

තම පියා මිය ගියේ කවදා හෝ කෙසේද යන්න පිළිබඳව කනායා මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව පොලිසිය පවසයි.

 

102 Views

Comments