ප්‍රධානියා ඝාතනය කිරීමට තැත් කල සේවකයා


පොලීසියට අනුව සිද්ධිය වී ඇත්තේ නේවාසික ප්‍රදේශයක දහවල් 12.20 ට පමණ ය.

.

තමා සේවය කරන සමාගමේ ප්‍රධානියා කපා කොටා ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිට 42 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට අනුව සිද්ධිය වී ඇත්තේ නේවාසික ප්‍රදේශයක දහවල් 12.20 ට පමණ ය. 

Koji Yokota නමැති සැකකරු ඔහුගේ 48 හැවිරිදි ප්‍රධානියාට තම නිවසේ දී කඩුවකින් පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමට ලක් වූ ප්‍රධානියාගේ මුහුණේ සහ ඇඟිලිවල කැපුම් තුවාල ඇති නමුත් ඔහුගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බවයි පොලිසිය පවසන්නේ.

 

80 Views

Comments