නගනෝ ප්‍රාන්ත සභා මන්ත්‍රීවරයා කළ අපරාධය


සැකපිට ප්‍රාන්ත සභා මන්ත්‍රී ඩයිසුකේ මරුයාමා අත්අඩංගුව

.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී නගානෝ ප්‍රාන්තයේ ෂියෝජිරි නගරයේ දී තම බිරිඳ නිවස තුළ ගෙල සිරකර මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ප්‍රාන්ත සභා මන්ත්‍රී ඩයිසුකේ මරුයාමා (48) පොලිසිය අත්අඩංගුවට ගත්තේය.

පසුගිය වසරේ සැප්තැම්බර් 29 වැනි දින උදෑසන මරුයාමාගේ බිරිඳ නොසෝමි (එවකට වයස අවුරුදු 47) ඇගේ නිවසේ බිම වැටී සිටියදී සොයා ගෙන ඇත

ඇයව කිසිවකු විසින් ගෙල සිරකර මරා දමා ඇති බවට පොලිසිය උපකල්පනය කළ අතර විමර්ශනය කිරීම සඳහා ෂියෝජිරි පොලිස් ස්ථානයේ විමර්ශන කණ්ඩායමක් පිහිටුවන ලදී.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මරුයාම ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව විමර්ශන ආරංචි මාර්ග පවසයි.

151 Views

Comments