Nikko Cityහි විහාරස්ථානයක මුදල් කොල්ලයක්


Tochigi ප්‍රාන්තයේ Nikko City හි විහාරස්ථානයක් කොල්ලකෑමකට ලක්ව තිබෙනවා.

.

පෙරේදා (28)  උදෑසන 6.00 ට පමණ Tochigi ප්‍රාන්තයේ Nikko City හි විහාරස්ථානයක 60 හැවිරිදි වියේ පසුවන පිරිමි පූජකයෙක් Nikko ප්‍රාන්ත පොලිස් ස්ථානයට වාර්තා කළේ විහාරස්ථානය කොල්ලකා මුදල් සොරකම් කර ඇති බවයි.  

විහාරස්ථානයේ ප්‍රධාන ශාලාවේ තිබී යෙන් මිලියන 29ක පමණ මුදල් මෙලෙස අස්ථානගත වී තිබෙනවා.

නායක පූජකවරුන්ගේ කාමර ඇතුළු ස්ථාන කිහිපයකින් මෙසේ මුදල් සොරකම් කර ඇත.  

විහාරස්ථානය දොරගුළු දමා ඊයේ(28දා) අලුයම 12.30 සිට පස්වරු 5.50 පමණ වනතුරු පූජකවරු නිදාගෙන සිට ඇති අතර එම අවස්ථාවේදීයි සොරකම සිදුව ඇත්තේ.

114 Views

Comments