2025 World Expo හි Osaka මණ්ඩපයේ පිරිවැය ගණනය කෙරේ


2025 World Expo හි Osaka මණ්ඩපයේ පිරිවැය ගණනය කෙරේ

.

Osaka ප්‍රාන්ත රජය,  නාගරික රජය සහ ව්‍යාපෘතිය සම්බන්ධ අනෙකුත් පාර්ශවවල සහභාගීත්වයෙන් එළැඹෙන 2025 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ප්‍රදර්ශනය සදහා ඉදි කරනු ලබන Osaka මණ්ඩපයේ වියදම යෙන් බිලියන 10කින් පමණ ඉහළ යනු ඇති බවට පසුගියදා පුරෝකථනය කළ අතර එම අගය මීට පෙරදී ඉදිරිපත් කරන ලද මූලික ඇස්තමේන්තුවට වඩා යෙන් බිලියන 2.5කින් වැඩි වී ඇති බව වාර්තා වේ. 

 

ප්‍රාන්තය සහ නගරය විසින් මෙම පරිපූරක කෙටුම්පත් අයවැය ඔවුන්ගේ ප්‍රාදේශීය සභාවන්ට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, පිරිවැය ඒකාකාරව බෙදා වෙන් කිරීම මගින් අතිරික්ත වියදම් දැරීමට සැලසුම් කර තිබේ. මෙම Osaka මණ්ඩපය වීදුරු වලින් සාදන ලද ත්‍රිකෝණ රාශියකින් සමන්විත කුඩා වහලක් සහිත සිවිලිමකින් සහ විශාල වහලකින් සමන්විත වන අතර යුක්‍රේන අර්බුදය මධ්‍යයේ වීදුරු සහ යකඩ ඇතුළු සම්පත් රාශියක මිල ඉහළ යාම හේතුවෙන්, සංකීර්ණ ව්‍යුහයේ නිර්මාණ කටයුතු සඳහා අතිවිශාල මුදලක් වැය වනු ඇති බවට පැවැසේ . 

 

මණ්ඩපය පවත්වාගෙන යාම භාරව සිටින සාමාන්‍ය සංස්ථාපිත සංගමය සැප්තැම්බර් 15 නිවේදනය කළේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් වූ ගනුදෙනුව සඳහා පළමු ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඇති පාර්ශවය ලෙස Takenaka Corp. තෝරා ගත් බවයි. එළැඹෙන නොවැම්බර් මස අග දී පමණ මේ සම්බන්ධයෙන් වන ගිවිසුමක් දෙපාර්ශවය අතර හුවමාරු කර ගැනීමට නියමිතව ඇති අතර "අපගේ අපේක්ෂාවන්ට වඩා වැඩි මිලක් ඉදිරිපත් කර ඇත. එනිසා පිරිවැය අඩු කිරීමට අපි නියෝග ලබා දී ඇත" යනුවෙන් Osaka නගරාධිපති Ichiro Matsui සැප්තැම්බර් 15 පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් කියා සිටියේය.

106 Views

Comments