පොලිසියේ රාජකාරි කටයුතුවලට බාධා කළ බවට සැකපිට 67 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයකු සයිටම් ප්රාන්ත පොලිසිය විසින් පෙරේදා(28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව සැප්තැම්බර් 30 සිට ඔක්තෝබර් 8 දක්වා මෙම පුද්ගලයා තම ජංගම දුරකථනයෙන් "බදු හොරා" සහ "ඔබව නෙරපා හරිනු ඇත" වැනි දේ පවසමින් ප්රාන්ත පොලිසියේ ප්රධාන අංකයට දුරකථන ඇමතුම් 2,060 ක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම දුරකථනයට ප්රතිචාර දැක්වූ නිලධාරීන්ට වැඩ කරන ලෙසටද ඔහු පවසා තිබෙනවා.
වසර කිහිපයක සිට දිවා රාත්රී මෙවන් ඇමතුම් ඔහු ලබාදී ඇති බවත් ලැබෙන ඇමතුම් ඉතිහාසය අනුව ප්රාන්ත පොලිසිය මෙම පුද්ගලයා හඳුනාගෙන ඇති බවත් පැවසේ.