Yonguni දූපතේ ධාවනය වන ජංගම යුධ ටැංකිය


ජපන් භූමි ස්වයං ආරක්ෂක බලකායේ 16 වර්ගයේ ජංගම යුධ ටැංකිය (MCV) Yonaguni දූපතේ පොදු මාර්ගවල ධාවනය කර තිබෙනවා.

.

පසුගිය 17 සහ 18 යන දිනවල ජපන් භූමි ස්වයං ආරක්ෂක බලකායේ 16 වර්ගයේ ජංගම යුධ ටැංකිය (MCV) ජපානයේ බටහිර දෙසින් පිහිටි ඔකිනාවා ප්‍රාන්තයේ Yonaguni දූපතේ පොදු මාර්ගවල ධාවනය කර තිබෙනවා.

ඒ ජපාන ස්වයං ආරක්ෂක බලකාය සහ එක්සත් ජනපදය අතර පැවත්වෙන ඒකාබද්ධ පුහුණුවීම් අතරතුරදීයි.  

MCV ප්‍රාන්තයේ පොදු මාර්ගවල ධාවනය කරන පළමු අවස්ථාව සහ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක බලකොටුව භාවිතා කරන පළමු අවස්ථාවද මෙයයි.

කිලෝමීටර 110ක් පමණ දුරින් පිහිටි තායිවානයේ හදිසි අවස්ථාවකට සූදානම් වීම සඳහා ගුවන් තොටුපළ සහ මාර්ග වැනි යටිතල පහසුකම් භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ බව පෙනේ.

 

 

102 Views

Comments