පියා හා සොහොයුරා ඝාතනය කල කතකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්


තම පියා සහ සහෝදරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් 48 හැවිරිදි කාන්තාවකට ඔසාකා දිස්ත්‍රික් අධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා.

.

2018 දී දියවැඩියා රෝගියෙකු වූ තම පියා සහ සහෝදරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් 48 හැවිරිදි කාන්තාවකට ඔසාකා දිස්ත්‍රික් අධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

අගෝස්තු මාසයේ ආරම්භ වූ  නඩු විභාගයේදී Akemi Adachi නම් මෙම කාන්තාවට ඇගේ පියා වන ටොමියෝට ඉන්සියුලින් විශාල මාත්‍රාවක් ලබා දී මරා දැමූ බවටත්, කාබන් වලින් සියදිවි නසාගත් බවක් පෙනෙන්නට සලස්වා ඇගේ එවකට 40 හැවිරිදි සහෝදරයා වන Masamitsu ඝාතනය කළ බවටත් චෝදනා එල්ල විය.  

තීන්දුවට අනුව Sakai හි පවුල් ඉදිකිරීම් සමාගමක සභාපතිවරිය වූ Adachi වෙනත් සමාගමක් කළමනාකරණය කරන Masamitsu ඝාතනය කළේ Naka Ward හි ඔවුන්ගේ දෙමාපියන්ගේ නිවසේදී සවස 2 ත් අතර කාලයකදී බවයි අනාවරණය වී ඇත්තේ.

 

82 Views

Comments