ජපන් සමාජ විද්‍යාඥයෙකු වන Shinji Miyadai තෝකියෝ විශ්ව විද්‍යාල පරිශ්‍රයකදී සිදු වූ බවට සැක කෙරෙන පිහි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
තෝකියෝ මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු වන ඔහු හචියෝජි හි ආයතනයේ මිනාමි-ඔසාවා මණ්ඩපයේදී බෙල්ලේ කැපුම් තුවාල කිහිපයක් සහිතව සොයා ගත් බවයි මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව පවසා සිටියේ.
සැකකරු තවමත් නිදැල්ලේ පසුවන අතර ඝාතනයට තැත් කළ බවට සැක කෙරෙන ප්‍රහාරකයා සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.