Naruhito අධිරාජ්‍යයාගේ බාල සොහොයුරා වන ඔටුන්න හිමි ෆුමිහිතෝ කුමරුගේ 57 වැනි උපන්දිනය පසුගියදා පැවැත්වුණා.
ඔහුගේ උපන්දිනයට පෙර ටෝකියෝ හි පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ ඔහුගේ වැඩිමහල් දියණිය වන මාකෝ කොමුරෝගේ මතභේදාත්මක විවාහයෙන් පසුව නින්දා සහගත ලෙස සැලකිය හැකි ප්රවෘත්ති කිහිපයක් මාධ්‍ය ඔස්සේ පලවීම සිය කනස්සල්ලට හේතු වූ බවයි.
ව්‍යාජ ප්රවෘත්ති ප්‍රතික්ෂේප කල යුතු බව මෙහිදී ඔහු අවධාරණය කල අතර ඉම්පීරියල් හවුස්හෝල්ඩ් ඒජන්සියේ මහජන සම්බන්ධතා වැඩිදියුණු කිරීම සඳහා තොරතුරු ව්‍යාප්තියට සම්බන්ධ කාර්ය මණ්ඩල සංඛ්‍යාව වැඩි කිරීම සහ එහි වෙබ් අඩවිය ප්‍රතිසංස්කරණය කිරීම පිලිබඳවද කියා සිටියා.