උපත් අනුපාතය හෙළිදරව් කිරීම නිසා දෝෂාරෝපණයට ලක්වූ ජපාන සමාගම


ජපාන උපත් අනුපාතය හෙළි කිරීම නිසා සමාගමක් දෝෂ දර්ශනයට ලක් වේ

.

පසුගිය අප්‍රේල් මාසයේදී ජපානයේ ප්‍රධාන වෙළඳ ආයතනයක් වන Itochu Corp. විසින් සිය කාර්ය මණ්ඩලයේ සේවකයින් අතර දරුවන් ඇති දැඩි කිරීම ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් ලෙස  සාමාජිකයින්ගේ පවුල් වල උපත් අනුපාතය ප්‍රසිද්ධියේ හෙළි කර තිබූ නමුත් එය සේවකයන්ගේ ජීවිතවලට සිදුකළ අසාධාරණ මැදිහත් වීමක් බව පවසමින් සේවකයන් සමාගමට එරෙහිව විවේචන එල්ල කළ බව වාර්තා වේ. 

 

වෙළඳ ආයතනයට අනුව, තාවකාලික කාර්ය මණ්ඩලය හැර, එහි නිත්‍ය සහ අවිධිමත් සේවකයින්ගේ ස්වයං වාර්තාගත තොරතුරු මත පදනම්ව මෙම ගණනය සිදු කර ඇති අතර 2021 මූල්‍ය වර්ෂයේදී 1.97 ක් ලෙස ද 2020 මූල්‍ය වර්ෂයේදී 1.33 ලෙසද නව උපත් අනුපාතය සනිටුහන්ව තිබිණි. 

 

මෙලෙස අනුපාතය හෙළිදරව් කිරීමේ අරමුණ පැහැදිලි කරමින් සමාගමේ නිලධාරියෙකු කියා සිටියේ "කාන්තා සේවකයින්ට දරුවන් ලැබීමෙන් පසුව පවා දිගටම වැඩ කළ හැකි බව මෙන්ම ඔවුන්ගේ රාජකාරිය සහ ගෘහ ජීවිතය සමතුලිත කර ගැනීමට ඔවුන්ට හැකි බව මෙමගින් පෙන්නුම් කරනු ඇතැයි සමාගම අපේක්ෂා කරන බවයි.

 

"එමෙන්ම කාර්ය මණ්ඩලය වෙනුවෙන් සමාගම තුළ නව වැඩ විලාස ප්‍රතිසංස්කරණ සහ ආයතනික සංස්කෘතියක් ස්ථාපිත වෙමින් පවතී" යනුවෙන් වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් නිලධාරියා  පැවසීය.

126 Views

Comments