කතක් රවටා මුදල් වංචාවක් කල පුද්ගලයෙක් පිළිබඳ හෙලිවේ


කෂිවා නගරයේ පදිංචි 80 හැවිරිදි කාන්තාවක් රවටා යෙන් මිලියන 55ක් වංචා කල පුද්ගලයෙකු චිබා ප්‍රාන්ත පොලිසිය විසින්

.

කෂිවා නගරයේ පදිංචි 80 හැවිරිදි කාන්තාවක් රවටා යෙන් මිලියන 55ක් වංචා කල පුද්ගලයෙකු චිබා ප්‍රාන්ත පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

පොලිසියට පවසන්නේ අදාල සැකකරු මෙම කාන්තාවට ජපානයේ ජාතික පාරිභෝගික කටයුතු මධ්‍යස්ථානයක් හෝ ලාභ නොලබන සංවිධානයක සේවකයෙකු යැයි පවසමින් අගෝස්තු 9 සිට ඔක්තෝබර් 20 දක්වා දුරකථන ඇමතුම් කිහිපයක්ද ලබා දී ඇති බවයි.

මෙම කාන්තාව විසින් අදාල සැකකරුට අවස්ථා 4කදී මුදල් ලබා දී ඇති අතර යෝජිත නියමිත කාලසීමාවේදී මුදල් ආපසු නොදීම ගැන කාන්තාවට සැකයක් ඇති වීමත් සමඟ ඇය මේ පිලිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

 

75 Views

Comments