ජපානයෙන් හමා ආ ලාංකීය සුවඳ ..


ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පසුගියදා අපූරු තරඟයක් සූදානම් කර..

.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පසුගියදා අපූරු තරඟයක් සූදානම් කර තිබූ බව වාර්තා විය. ජපාන ජාතිකයන් සඳහා විවෘත වූ ලාංකීය ආහාර පිසීමේ තරඟයක් ඔහු මෙය සම්මානලාභී අන්තර්ජාතික මට්ටමේ ශ්‍රී ශ්‍රී ලාංකීය සූපවේදීන් දෙදෙනකු විසින් විනිශ්චය කරන ලදී.

මෙහි පළමු අදියර සඳහා තරගකරුවන් 140  දෙනෙකු සහභාගි වූ අතර ඉන් 45 දෙනකු අර්ධ අවසන් වටයට තේරී පත්විය. මෙම තරගය සජීවීව රූපවාහිනියෙන් විකාශය කරන ලද අතර අවසාන මහා තරඟය වට පහක දී තෝරාගත් තරඟකරුවන් දහදෙනකු සමඟින් ලඟදීම පවත්වන බව දැන ගන්නට තිබේ. අවසාන මහා තරගය ඒ සඳහාම විශේෂයෙන් සැකසුන රූපවාහිනී මැදිරියක් තුළ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Comments