15 හැවිරිදි දැරියක් පැහැරගත් පුද්ගලයෙක් අත්අඩංගුවට


15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් දින තුනක් තම නිවසේ තබාගෙන සිටි බවට සැකපිට 35 හැවිරිදි පුද්ගලයෙකු ෆුකුඕකා ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

.

15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් දින තුනක් තම නිවසේ තබාගෙන සිටි බවට සැකපිට 35 හැවිරිදි පුද්ගලයෙකු ෆුකුඕකා ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට අනුව හ්යෝගෝ ප්‍රාන්තයේ කෝබේ හි සමාගම් සේවකයෙකු වන ඉචිරෝ හෂිමොටෝ නම් මෙම සැකකරු ෆුකුඕකා ප්‍රාන්තයේ වෙසෙන දැරිය සමාජ මාධ්‍ය වෙබ් අඩවියකින් හඳුනාගෙන නොවැම්බර් 29 දින සවස 4:50 ට පමණ ඇය හමුවීමට කටයුතු කළේය.  පසුව ඔවුන් කෝබේ වෙත දුම්රියෙන් ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පාසල් ගොස් නිවසට නොපැමිණීම නිසා දැරියගේ මව ඇය අතුරුදන් වූ බව පොලිසියට වාර්තා කළාය.  දැරිය කවුරුන් සමඟ සිටියාද යන්න සහ ඔවුන් දුම්රියෙන් ගියේ කොතැනටද යන්න සොයා ගැනීමට පොලිසිය ස්ථාන නිරීක්ෂණ කැමරා දර්ශන විශ්ලේෂණය කළේය.

ඉන් අනතුරුව පොලිසිය සිදුකල සෝදිසි මෙහෙයුමේදී සවස 5.30 ට පමණ දැරිය සොයා ගන්නා විට හෂිමොටෝගේ නිවසේ සිට ඇත. පොලිසිය පැවසුවේ දැරියට හානියක් සිදුවී නොමැති බවයි.

107 Views

Comments