බස් රථයක් හා ට්‍රක් රථයක් එකිනෙක ගැටේ


අනතුරට හේතුව පිළිබඳව අධිවේගී මාර්ග කාර්ය මණ්ඩල පරීක්ෂණ පවත්වයි.

.

අද(04) අලුයම 5:50 ට පමණ Neken Hamakita Ward Hamamatsu City හි Shin-Tomei අධිවේගී මාර්ගයට ඇතුල් වන මාර්ගයේ Hakata සිට Shinjuku දක්වා ධාවනය වූ අධිවේගී බස් රථයක් සහ විශාල ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරන් දෙදෙනෙකු සහ මගීන් 17 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් තුවල ලබා රෝහල් ගත කර ඇති අතර කිසිදු තුවාලයක් ජීවිතයට තර්ජනයක් නොවන අතර තුවාල සුළු ඒවා බව පැවසේ.

බස් රථයේ ඉදිරිපස කොටසට හානි සිදුවී ඇති අතර අනතුරට හේතුව පිළිබඳව අධිවේගී මාර්ග කාර්ය මණ්ඩල පරීක්ෂණ පවත්වයි.

 

81 Views

Comments