කිකුචි සිද්ධිය යළිත් කරලියට


හැන්සන්ගේ රෝගය වැළඳුනු පුද්ගලයෙකුට මරණ දණ්ඩනය නියම කළ "කිකුචි සිද්ධිය" යළිත් කරලියට පැමිණ තිබෙනවා.

.

හැන්සන්ගේ රෝගය වැළඳුනු පුද්ගලයෙකුට මරණ දණ්ඩනය නියම කළ "කිකුචි සිද්ධිය"ට අදාල පුද්ගලයාගේ ඥාතීන් කුමමොටෝ දිසා අධිකරණයට නැවත නඩු විභාගයක් සඳහා ඉල්ලීමක් ගොනු කර ඇති බව අනාවරණය වේ.  

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී මෙම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වන්නේ.

1951 දී කුමාමොටෝ ප්‍රාන්තයේ සුයිගන් ගම්මානයේ (දැන් කිකුචි නගරය) හිටපු ගම්වැසියෙකුගේ නිවසට පුපුරණ ද්‍රව්‍යයක් විසි කල පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් හඳුනාගෙන තිබෙනවා.

එවකට 29 හැවිරිදි එක් පුද්ගලයෙකු හැන්සන්ගේ රෝගියෙකු ලෙස වාර්තා වී තිබූ අතර ඔහු අත්අඩංගුවටද ගෙන තිබබුණා.

1952 දී ඔහු මිනීමැරීමට තැත් කිරීම සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් වසර 10 ක සිරදඬුවමකට යටත් විය.  මෙම පුද්ගලයා රැඳවුම් මධ්‍යස්ථානයෙන් පැන ගිය පසු හිටපු සේවකයෙකු පිහියෙන් ඇන මරා දමා ඇති බව සොයා ගන්නා ලදී.

 

122 Views

Comments