SL Ginga අවසන් ගමන යයි


ලබන වසන්තයේ දී ධාවනයෙන් ඉවත් කිරීමට නියමිත JR Kamaishi මාර්ගයේ සංචාරක දුම්රිය "SL Ginga" අවසන් වරට ඊයේ(04) දින ධාවනය වූ අතර එම මාර්ගය ජනතාවගෙන් පිරී තිබුණා.

.

ලබන වසන්තයේ දී ධාවනයෙන් ඉවත් කිරීමට නියමිත JR Kamaishi මාර්ගයේ සංචාරක දුම්රිය "SL Ginga" අවසන් වරට ඊයේ(04) දින ධාවනය වූ අතර එම මාර්ගය ජනතාවගෙන් පිරී තිබුණා.

නැගෙනහිර ජපානයේ මහා භූමිකම්පාවෙන් විපතට පත් ප්‍රදේශ පුනර්ජීවනය කිරීම සඳහා SL Ginga 2014 දී මෙහෙයුම් ආරම්භ කළේය.  Kenji Miyazawa ගේ "Night on the Galactic Railroad" පාදක කරගත් මෙම දුම්රිය මැදිරිය ජනප්‍රිය වූ නමුත් මේ වනවිට අබලන් වීම නිසා එය නවත්වනු ඇත.

Kamaishi දුම්රිය ස්ථානයෙන් පිටත් වූ SL Ginga, Rikuchu Ohashi දුම්රිය ස්ථානයේ තාවකාලිකව නතර විය. 

එවිට බොහෝ නරඹන්නන් තම කැමරා මගින් මෙම තේජාන්විත දුම්රියේ ඡායාරූප ගත්හ.

 

93 Views

Comments