සුප්රකට ජපාන රමෙන් සුප්, ස්ව්යංක්ර්රිය මිලදී ගැනීම් යන්ත්රයකින් කෙලින්ම පාරිභෝගිකයාට මිලදී ගැනීමට අවස්ථාවක් සලසා දීමට යමගටා ප්රාන්තයේ ශින්ජෝ නගරයේ රමෙන් වෙළඳ සැලක් සමත් වී තිබේ.
රමෙන් සුප් හඳුන්වා දෙන වැඩසටහන කිහිපයක් ඉදිරිපත් කරන සුප්රකට youtube චැනලයක හිමිකරු වන Susuru විසින් තෝරන ලද රමෙන් සුප් වර්ග කිහිපයක් මෙකී යන්ත්රයෙන් ඇනවුම් කර ලබාගත හැකිය. කොවිඩ් 19 වසංගතය නිසා ආහාරපාන අලෙවිසල් විශාල වශයෙන් වසා දමන්නට සිදු වූ අතර මෙම ක්රමය මගින් පාරිභෝගිකයා සහ වෙළඳසැල කෙළින්ම සම්බන්ධ නොවී පැය 24 පුරාම ආහාර පාන ලබා ගැනීමට හිමිකම් සැලසීම ඉතාමත් පහසුවක් බව පාරිභෝගිකයන්ගේ අදහසයි.
ඡායාරූපය: mainichi