හිටපු සැමියාගේ මරණයට හේතුවූ බිරිඳ


89 හැවිරිදි හිටපු සැමියාගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරෙමින් සිටියදී ඔහු මිය යන තෙක් නිවසේ දමා ගොස් ඇති බවට සැකප??

.

89 හැවිරිදි හිටපු සැමියාගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරෙමින් සිටියදී ඔහු මිය යන තෙක් නිවසේ දමා ගොස් ඇති බවට සැකපිට ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේවෙතත් කසුකෝ ඉචිකාවා නම් ඇය  මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම යුවළ දික්කසාද වී ඇතත් ඔවුන් 2008 සිට එකට ජීවත් වී ඇත. ඉචිකාවාගේ හිටපු සැමියා වන සතෝෂි සුගිනෝ වමනය කරමින් සවස 4:30 ට පමණ ඔවුන්ගේ මහල් නිවාසයේ බිම වැටී ඇති අතර වෛද්‍ය ආධාර ලබා ගැනීම වෙනුවට ඉචිකාවා ඇගේ හිටපු සැමියාගේ සෞඛ්‍ය තත්වය පිරිහීමට ඉඩ දුන් බව කියනු ලැබේ.කෙසේවෙතත්  ඔහු නොවැම්බර් 26 වෙනිදා මිය ගියේය.

110 Views

Comments