Mie ප්රාන්තයේ Yokkaichi පොලිසිය විසින් සහන සැලක් කොල්ල කෑමේ වරදට සැක පිට 50 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පවසන ආකාරයට Seiji Sugimoto නම් Fukuoka නගරයේ වෙසෙන මෙම පුද්ගලයා පසුගිය නොවැම්බර් 16 වනදා දින රාත්රී 11.30 ට පමණ ඔහු පෙර සේවයේ නියුතුව සිටි සහන සැලට ඇතුළු වී එහි ලිපිකරු එහා මෙහා වන තෙක් රැඳී සිට මුදල් කවුන්ටරයෙන් යෙන් 150,000ක පමණ මුදලක් සොරා ගෙන පිටව ගොස් ඇත.
සහන සැලේ සවිකර තිබූ ආරක්ෂක කැමරා වල සටහන්ව තිබු වීඩියෝ දර්ශන ඇසුරෙන් එම පුද්ගලයාව හඳුනාගෙන තිබිණි.