තෝකියෝහි අවන්හලක ඇතිවූ ගැටුමකට සම්බන්ධ 5ක් අත්අඩංගුවට


ඔක්තෝම්බර් මාසයේදී තෝකියෝහි ආපන ශාලාවක 100 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් ආහාර ගනිමින් සිටියදී ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

.

ඔක්තෝම්බර් මාසයේදී තෝකියෝහි ආපන ශාලාවක 100 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් ආහාර ගනිමින් සිටියදී ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර 51 හැවිරිදි චීන ජාතිකයෙකු වන ජියැං හයිෆෙන්ග් වන අතර ඔහු ටෝකියෝ හි යුනෝ ප්‍රදේශය පදනම් කරගත් කල්ලි කන්ඩායමක ප්‍රධානියා ලෙස සැලකේ.

චයිනීස් ඩ්‍රැගන් කල්ලියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සිරෙන් නිදහස් වීම සැමරීම සඳහා පවත්වා ඇති අදාල උත්සවයට අනාරාධිත පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වීමෙන් පසුව මෙම ගැටුම හටගෙන ඇත.

සිද්ධියෙන් පසු හිසට තුවාල වූ එක් පුද්ගලයකු රෝහල් ගතකල අතර ආපනශාලා සේවකයන්ට හානියක් නොවූ බව පොලිසිය පවසයි.

121 Views

Comments