ජපානයේ ගුවන් ස්වයං ආරක්ෂක බලකාය සහ පිලිපීන ගුවන් හමුදාව අතර සහයෝගීතාවයේ කොටසක් ලෙස දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රථම වරට ජපන් ප්‍රහාරක ජෙට් යානා දෙකක් පෙරේදා(06) පිලිපීනයට ගොඩබස්වන ලදී.
F-15 ප්‍රහාරක ජෙට් යානා දෙක ක්ලාක් ගුවන් කඳවුරට ළඟා වූ අතර දෙරටේ හමුදා අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ ආරක්ෂක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නොවැම්බර් 27 සිට දෙසැම්බර් 11 දක්වා පැවැත්වෙන හුවමාරු සඳහා ASDF සාමාජිකයින් 60 ක් පමණ සහභාගී වී ඇත.
මෙම යානා පැමිණීම ජපානයේ සහ පිලිපීනයේ ආරක්ෂක හුවමාරු ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කළ බව ASDF බලඝණ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ෂෝටාරෝ අරිසාවා මැනිලාට උතුරින් පිහිටි මාබලකාට් කඳවුරේ පැවති උත්සවයකදී පැවසීය.