මව ඝාතනය කල දුව සහ බෑණා


ඔකිනාවා ප්‍රාන්තයේ නාහා හි පොලිසිය විසින් කාන්තාවක් ඝාතනය කර ඇය සියදිවි නසාගත් බව පෙන්වීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් සැකපිට 34 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 34 හැවිරිදි සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.

.

ඔකිනාවා ප්‍රාන්තයේ නාහා හි පොලිසිය විසින් කාන්තාවක් ඝාතනය කර ඇය සියදිවි නසාගත් බව පෙන්වීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් සැකපිට 34 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 34 හැවිරිදි සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.

රැකියා විරහිත මිකා ක්යෝඩා නම් අදාල සැකකාරිය සහ ඇගේ සැමියා මොරියා එක්ව.ඕඩන් අවන්හලක් පවත්වාගෙන ගිය ඇගේ මව වන මියාකෝ නාගහමාව අගෝස්තු 9 රාත්‍රියේ මරා දැමූ බව වාර්තා වනවා.

නාගහමගේ ගෙල සිරකර ඇයව ඇගේ අවන්හල පිහිටි ගොඩනැගිල්ලේ දෙවන මහලට ගෙන ගොස් ලණුවකින් එල්ලා මරා දැමීම සම්බන්ධයෙන් මෙම යුවළට චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

නාගහම ගෙල වැලලාගෙන මිය ගිය බව පෙන්වීමට ක්යෝඩා සහ ඇගේ සැමියා කුමන්ත්‍රණය කළ බව පොලිසිය පවසයි.  කෙසේ වෙතත්, විමර්ශකයින් පැවසුවේ ක්යෝඩා සහ ඇගේ සැමියා ආපනශාලාව වසා දමන වේලාවට ආසන්නයේ ගොඩනැගිල්ලට ගොස් පසුව ඔවුන් විසින්ම පිටව යන ආකාරය වීදි නිරීක්ෂණ කැමරා දර්ශනවලින් පෙන්නුම් කළ බවයි.

129 Views

Comments