Sony සමාගම විදුලි මෝටර් රථ නිෂ්පාදනය කොට ගවේශනය කිරීමට සමාගමක් පත් කරයි..


ඉලෙක්ට්‍රොනික දැවැන්තයෙකු වන Sony සිය Vision-S විදුලි වාහනයේ නව මූලාකෘතියක් එළිදක්වා ඇති අතර වේගයෙන් වර්ධනය වන වෙළඳපොල සමග තරග කිරීමට හැකිද යන්න ගවේශනය් කිරීමට සමාගම්ක් පත් කරයි

.

 Sony හි ප්‍රධාන විධායක නිලධාරී කෙනිචිරො යොශීඩා විසින් ලාස් වේගශි හි පැවති CES තාක්ෂණික ප්‍රදර්ශනයේදී එළිදක්වන ලදී. අභ්‍යන්තර සහ බාහිර සංවේදක වලින් පිරී ඇති අතර Sony විසින් එහි ස්වයංක්‍රීය රියදුරු තාක්ෂණයන් පරීක්ෂා කිරීමට භාවිතා කරයි. විදුලි වාහන අංශය තවමත් කුඩා වන අතර එය එක්සත් ජනපදයේ වත්මන් විකුණුම් වලින් සියයට තුනක් පමණ වන නමුත් එය විශාල කිරීමට දැඩි උනන්දුවක් හා ආයෝජනයක් යොමු කරයි. 2025 වන විට ඩොලර් බිලියන 35 කට වඩා වැඩි විදුලි හා ස්වයංක්‍රීය වාහන සඳහා ආයෝජනය කිරීමට සැලසුම් කර ඇත. එක්සත් ජනපදයේ බලධාරීන් ආරෝපණ මධ්‍යස්ථාන ජාලය ශක්තිමත් කිරීම සඳහා ඩොලර් බිලියන ගණනක් වියදම් කිරීමට හෝ පොසිල ඉන්ධනවලින් ක්‍රියාත්මක වන වාහන අත්හැරීමට පුද්ගලයන් දිරිමත් කිරීමට සැලසුම් කරයි.

329 Views

Comments