ජපානයෙන් සැහැල්ලු දුම්රිය ව්‍යාප්තියක් ශ්‍රී ලංකාවට


ජපන් ණය ආධාර යටතේ ඉදිකිරීම් සුදානම්ව පසුව නවතා දැමුණු කළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි වතාවක් මෙරටට ලබාදීමට ජපාන රජය කැමැත්ත පළ කර තිබෙනවා.

.

ජපන් ණය ආධාර යටතේ ඉදිකිරීම් සුදානම්ව පසුව නවතා දැමුණු කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි වතාවක් මෙරටට ලබාදීමට ජපාන රජය කැමැත්ත පළ කර තිබෙනවා.

ජපන් තානාපති මිසුකොෂි හිදෙනකි මහතා විසින් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවේ මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ජපන් තානාපතිවරයා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල එකඟතාව ලැබුණු පසු නැවත මෙය ක්‍රියාත්මක කරන බවයි.

204 Views

Comments