ජපන් රජයෙන් නව උපත් සඳහා ලබාදෙන දිරි දීමනාව ඉහළ නංවයි


ජපානය දැන් කලක සිට එහි අඩුවන උපත් අනුපාතිකය වැඩි කිරීමට ක්‍රම සෙවීමට අරගල කරමින් සිටී.

.

ජපානය දැන් කලක සිට එහි අඩුවන උපත් අනුපාතිකය වැඩි කිරීමට ක්‍රම සෙවීමට අරගල කරමින් සිටී.

ඒ අනුව සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශය බලාපොරොත්තු වන්නේ දිරි දීමනාවක් ලබා දීමේ පොරොන්දුව වැඩි පිරිසකට දරුවෙකු සෑදීම දිරිමත් කරනු ඇති බවයි. 

දැනට ජපානයේ නව මාපියන්ට තම දරුවාගේ උපතේදී යෙන් 420,000ක් ලැබේ.  

සෞඛ්‍ය, කම්කරු සහ සුබසාධන අමාත්‍ය Katsunobu Kato විසින් එම මුදල යෙන් 500,000 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය වූ අතර, 2023 මූල්‍ය වර්ෂය සඳහා එය අනුමත කර ක්‍රියාත්මක කිරීමට පසුගිය සතියේ ජපාන අගමැති Fumio Kishida හමුවිය.

101 Views

Comments