හොංකොං රාජ්‍යය රටවල් 153 කින් එරටට පැමිණෙන සංචරණ මගීන් නවතයි.


හොංකොං ගුවන් තොටුපළ හරහා සංචරණයට රටවල් 150 කට වඩා වැඩි ගණනකින්  එම ගුවන්තොටුපළ වෙත පැමිණෙන  මගීන් සියලු දෙනා නැ?

.

හොංකොං ගුවන් තොටුපළ හරහා සංචරණයට රටවල් 150 කට වඩා වැඩි ගණනකින්  එම ගුවන්තොටුපළ වෙත පැමිණෙන  මගීන් සියලු දෙනා නැවැත්වීමට  හෝ කොන් රජය තීරණය කරයි. වර්තමාන වසංගත ව්‍යාප්තිය ඊට ප්‍රධාන ලෙස බලපා ඇත.

 

උක්ත ක්‍රියාමාර්ගය  හොංකොං නගරය  ගෝලීය වශයෙන් හුදෙකලා වෙමින් covid 19 ශූන්‍ය කලාපයක් බවට පත් කිරීමට ගත් දැඩි තීරණයකි. තවද ඔවුන් ලෝකයේ විවිධ රටවල් ඒ ඒ රටවල covid 19  ව්‍යාප්තිය අනුව කාණ්ඩ කර ඇති අතර ඒ යටතේ ඇති A කාණ්ඩයට අයත් රටවල් වලින් මෙරටට පැමිණෙන සියලුම සංක්‍රමණිකයන් අනිවාර්යෙන් දින 21 ක නිරෝධායන කාලයක් ගත කළ යුතු බව දැඩිව නිවේදනය කර ඇත.

 

හොංකොං නගරය මේ වන විටත් සුළු වශයෙන් Omicron ප්‍රභේද ව්‍යාප්තිය වාර්තා කර ඇති අතර එම ප්‍රභේදය රට තුළට ඇතුළු  වීමට ප්‍රධාන හේතුව වශයෙන් දක්වා ඇත්තේ  cathay pacific ගුවන් සේවක සේවිකාවන් සමූහය  නිවාස නිරෝධායන ක්‍රියාවලිය කඩකිරීම බවයි.

මේ වන විටත් එම රජය ඒ පිළිබඳව  පරීක්ෂණ සිදුකරන අතර එම සමාගමට නීතිමය ක්‍රියාමාර්ග වලට මුහුණ දීමට සිදුවිය සිදු විය හැකි බවද වාර්තා වෙයි.

 

Source : japantoday.com

 

Comments