මහාචාර්යවරයාට පිහි ප්‍රහාරය එල්ල කල පුද්ගලයා සොයා පරීක්ෂණ


අද(13) දිනට සිද්ධිය සිදුවී සති දෙකක් වෙනවා.

.

මහාචාර්ය ෂින්ජි මියදායිට ටෝකියෝ මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේදී පිහියෙන් ඇනීමේ සිද්ධියට අදාල සැකකරු විශ්ව විද්‍යාලය පුරා ඇවිදිමින් සිටිනු ආරක්ෂක කැමරාවක දැකගත හැකි විය.  

මොහු එහා මෙහා යාමට බයිසිකලයක් යොදා ගන්නට ඇති බවට මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව සැක කරන අතර සිද්ධියට පෙර සහ පසු ඔහුගේ අඩිපාරේ පරීක්‍ෂණ පවත්වයි.

අද(13) දිනට සිද්ධිය වෙලා සති දෙකක් වෙනවා. 

මෙම පුද්ගලයා හඳුනාගෙන නොමැති අතර, සිද්ධිය වූ වහාම ඔහු පලා යන අයුරු දැක්වෙන ආරක්ෂක කැමරා වීඩියෝවක් පසුගිය 12 වනදා මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

138 Views

Comments