බාල වයස්කරුවන් සිදුකරන අපරාධ ඉහළට


වැරදිකරුවන් 35% කින් වැඩි වී ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

.

කොරෝනා වසංගතය මධ්‍යයේ රට පුරා පාසල් වසා දැමූ පසු 2020 දී ජපානයේ බාල වයස්කරුවන් විසින් සිදුකරන අපරාධ සැලකිය යුතු ලෙස වැඩි වූ  බව රජයේ වාර්තාවකින් පෙරේදා(12) පෙන්වා දුන්නේය.

2020 මාර්තු මාසයේදී විමර්ශනය කරන ලද වයස අවුරුදු 14 සිට 19 දක්වා වැරදිකරුවන්ගේ සංඛ්‍යාව වසරින් වසර සියයට 35 කින් වැඩි වී ඇති බවද අධිකරණ අමාත්‍යාංශය පවසයි.

කෙසේවෙතත් අපරාධ පිළිබඳ ධවල පත්‍රිකාව පෙන්වා දෙන්නේ 2020 මාර්තු සිට මැයි දක්වා කාලය තුළ බාලවයස්කරුවන් විසින් සිදු කරන ලද අපරාධ ඇතුළුව පිළිගත් සාපරාධී වැරදි සංඛ්‍යාව සියයට 32.1 දක්වා අඩු වී ඇති බවයි.

84 Views

Comments