ගුවන් යානයක් තුළ ගැටුමක් ඇතිකර ගත් අයෙකුට වසර 2ක සිර දඬුවමක්


වසර 2 ක සිරදඬුවමක් සහ වසර 4 ක පරිවාස කාලයක් දඬුවම් ලෙස ලබා දෙයි.

.

36 හැවිරිදි හිටපු විශ්ව විද්‍යාල සේවකයෙකු 2020 සැප්තැම්බර් මාසයේදී කුෂිරෝ ගුවන් තොටුපළේ සිට කන්සායි ගුවන් තොටුපළ දක්වා වූ පීච් ගුවන් යානයේ යමින් සිටියදී ඔහුට මුහුණු ආවරණයක් පැලඳගන්නා ලෙස කාර්ය මණ්ඩලය පවසා ඇති අතර ඔහු එය පැළඳීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇතිවූ සිද්ධියක් හේතුවෙන් ගුවන් යානයක් හදිසි ගොඩබෑමකට ලක්කර ඇත.

 

මීට අදාල නඩුව අද(14) කැඳවූ අවස්ථාවේදී ඕසකා දිසා අධිකරණය විසින් ඔහුව වරදකරු බව තීරණය කරමින් වසර 2 ක සිරදඬුවමක් සහ වසර 4 ක පරිවාස කාලයක් දඬුවම් ලෙස ලබා දී ඇත.

 

 

 

107 Views

Comments