SDF නිලධාරියෙකු නිලයෙන් පහ කෙරේ


යටත් නිලධාරීන්ව වාචිකව අපයෝජනය කිරීමේ චෝදනාව මත ඔහුව නිලයෙන් පහ කර ඇත

.

ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(13) ප්‍රකාශ කළේ සමුද්‍රීය ස්වයං-ආරක්ෂක බලකායේ කපිතාන්වරයෙකු ලුතිනන් කමාන්ඩර් දක්වා නිලයෙන් පහත හෙලූ බවයි.

ඒ යටත් නිලධාරීන්ව වාචිකව අපයෝජනය කිරීමේ චෝදනාව මතයි.

මෙවැනි චෝදනාවක් මත SDF සාමාජිකයෙකු නිලයෙන් පහ කල පළමු අවස්ථාව මෙයයි.

චෝදනා සම්බන්ධයෙන් ප්‍රමාණවත් විමර්ශනයක් සිදු නොකළ බව පවසමින් අමාත්‍යාංශය විසින් කපිතාන්වරයාගේ උසස් නිලධාරියෙකු වන රියර් අද්මිරාල්වරයෙකු ද එක් නිලයකින් පහ කරන ලදී.

අමාත්‍යාංශයට අනුව හිටපු කපිතාන්වරයා තම දෙපාර්තමේන්තුවේ පුද්ගලයින්ට දඬුවම් කරන බවට තර්ජනය කිරීම, නිවාඩු දිනවල පෙනී සිටින ලෙස බල කිරීම සහ වැඩි පැය ගණනක් වැඩ කිරීමට බල කිරීම වැනි බිය ගැන්වීමේ ක්‍රියා සිදුකොට ඇතැයි වාර්තා වේ.

100 Views

Comments