සංචාරක වට්ටම් වැඩසටහන නැවත ආරම්භ කෙරේ


එක් රාත්‍රියකට සංචාරකයෙකුට ලබා දිය යුතු උපරිම වට්ටම ¥11,000 සිට ¥7,000 දක්වා අඩු කෙරේ.

.

ජපාන සංචාරක.අමාත්‍යාංශය ඊයේ(13) කියා සිටියේ ජනවාරි 10 වන දින සිට රටපුරා සංචාරක වට්ටම් වැඩසටහන නැවත ආරම්භ කරන බවයි.

ඒ අනුව නවීකරණය කරන ලද වැඩසටහන යටතේ කොරෝනා වයිරස් වසංගතයෙන් බැට කෑ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමේ අරමුණින් ආපනශාලා ඇතුළු ස්ථානවල භාවිතා කළ හැකි සාප්පු කූපන් පත් ඇතුළුව, එක් රාත්‍රියකට සංචාරකයෙකුට ලබා දිය යුතු උපරිම වට්ටම ¥11,000 සිට ¥7,000 දක්වා අඩු කෙරේ. 

ගමන් සඳහා වට්ටම් අනුපාතය 40% සිට 20% දක්වා අඩු කරනු ලබන අතර වට්ටම් මුදලේ සීමාව පොදු ප්‍රවාහන සේවා ඇතුළත් සංචාරක පැකේජ 2ක් සඳහා වෙනස් කර තිබේ.

ඒ අනුව එක් පැකේජයක රාත්‍රියක් ගත කිරීමට පෙරදී අය කල යෙන් 8,000 අගය යෙන් 5,000 දක්වා අඩු කර ඇති අතර අනෙක් පැකේජයේ පෙරදී අය කල යෙන් 5,000 අගය යෙන් 3,000 දක්වා අඩු කර ඇත.

වැඩසටහනේ කොටසක් ලෙස සපයනු ලබන සාප්පු කූපන් පත් ප්‍රතිපත්තිමය වශයෙන් විද්‍යුත් ආකාරයෙන් නිකුත් කෙරේ.  කූපන්වල නිකුත් කරන ලද මුදල සතියේ දින සඳහා ¥3,000 සිට ¥2,000 දක්වා කපා හරිනු ලබන අතර සති අන්ත සහ නිවාඩු දින සඳහා ¥1,000ක පවත්වා ගෙන යනු ඇත.

හෝටල් නවාතැන් සඳහා දැනට පවතින වට්ටම් ගාස්තු දෙසැම්බර් 27 දක්වා බලපැවැත්වේ.

 

136 Views

Comments