ජපානයේ අඩු ආදායම්ලාභීන්ට සහනාධාරයක්


අඩු ආදායම්ලාභී පවුල් සඳහා යෙන් 30,000 ක් ලබාදීමට රජය සැලසුම් කර තිබේ.

.

ඉහළ යන මිල ගණන් හේතුවෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා යෙන් 30,000 ක් සහ දරුවන් ඇති දැඩි කරන අඩු ආදායම්ලාභී පවුල් සඳහා ළමයෙකුට යෙන් 50,000 ක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

මේ සඳහා මුදල් මෙම වර්ෂයේ අයවැයෙන් යෙදවීමට රජය සලකා බලනු ඇත.

මේ අතර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රතිපත්ති පර්යේෂණ කවුන්සිලයේ සභාපති Hagiuda සහ Komeito මහලේකම් Ishii යන දෙදෙනාම ඊයේ(15) දින අග්‍රාමාත්‍ය නිල නිවසේ දී අග්‍රාමාත්‍යවරයා හමුවී ඉහළ යන මිල ගණන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ පක්ෂයේ යෝජනා භාර දුන්හ.

LDP සහ Komeito පක්ෂවල යෝජනාවලට අඩු ආදායම්ලාභී කුටුම්භ සඳහා ආධාරක පියවර මෙන්ම විදුලිය සහ ගෑස් බිල්පත්වල බර අඩු කිරීමේ පියවරද ඇතුළත් විය.  

නිර්දේශ මත පදනම්ව මෙම මාසය අවසන් වන විට නව ක්‍රියාමාර්ග සම්පාදනය කිරීමට රජය සැලසුම් කරයි.

76 Views

Comments