හිටපු අගමැතිට වෙඩි තැබූ ස්ථානයේ ආරක්ෂක වැට ඉවත් කිරීමට තීරණයක්


කින්ටෙට්සු යමටෝ-සයිඩයිජි දුම්රිය ස්ථානයට උතුරින් මෙම ස්ථානය පිහිටා තිබෙනවා.

.

හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ වෙඩි තබා ඝාතනය කළ ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂක වැට 19 වැනිදා අලුයම ඉවත් කරන බව එම නගරය ඊයේ(14) නිවේදනය කළේය.  

කින්ටෙට්සු යමටෝ-සයිඩයිජි දුම්රිය ස්ථානයට උතුරින් ආරක්ෂක වැටවල් වලින් වට වූ මෙම කොටසේ ජූලි 8 දා දේශනයක් අතරතුරදී  අබේ මහතාට වෙඩි තැබුණා.  

සිද්ධියෙන් පසු එම ස්ථානයේ මල් ගැසීම සඳහා පැමිණි පිරිසද නිමක් නොවූ අතර එම ඉඩම පාලනය කරන බලධාරීන් තාවකාලිකව ඒ අසල මල් ශාලාවක් ද පිහිටුවනු ලැබුවා.

කෙසේවෙතත් ලබන වසරේ ජනවාරි මාසයේ සිට එම ස්ථානයේ දැනට ඇති ආරක්ෂක වැටවල් වෙනුවට යකඩ බටවලින් තැනූ බාධක තැබීමට නියමිතයි.

එම ස්ථානයේ ස්මාරක ස්ථානයක් පිහිටුවීමට නගර බලධාරීන් සලකා බැලූ නමුත් නගර වැසියන්ගේ අදහස් මත පදනම්ව ස්මාරකයක් නොතැබීමට ඔවුන් තීරණය කළා.

 

78 Views

Comments