මැයි මස හිරෝෂිමා හි පැවැත්වෙන G7 සමුළුව පැවැත්වෙන ස්ථානය ගුවන් යානා සඳහා සීමාසහිත කලාපයක් බව ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන හා සංචාරක අමාත්‍යාංශය ඊයේ(09) නිවේදනය කළේය.
ඒ අනුව මැයි 18 සිට 22 දක්වා ග්‍රෑන්ඩ් ප්‍රින්ස් හෝටලයේ සිට කිලෝමීටර් 46 ක පමණ අරයක් තුළ සියලුම උන්නතාංශවල ගුවන් ගමන් තහනම් වේ.
කෙසේවෙතත් බලපත්‍රලාභී මගී ගුවන් යානා හෝ මාධ්‍ය ගුවන් යානා සඳහා එය අදාළ නොවේ.