ජපන් රජය තවත් COVID පෙති මිලියනයක් මිලදී ගැනීමට සැරසේ


Shionogi & Co Ltd මේ බව ප්‍රකාශ කර සිටියා.

.

ජපාන රජය COVID-19 සඳහා Xocova පෙති මිලියන 1 ක් මිලදී ගැනීමට සූදානම් වන බව Shionogi Co Ltd ප්‍රකාශ කර සිටියා.

Shionogi මීට පෙරදීද Xocova ඖෂධයේ මාත්‍රා මිලියනයක් ලබාදීමට රජය සමග එකඟ වූ නමුත් සත්ව අධ්‍යයනයේ ප්‍රතිඵල මත පදනම්ව ඖෂධය ගැබ්ගැනීම්වලට අවදානමක් ඇති කළ හැකි බැවින් සහ එහි සඵලතාවය පිළිබඳ වැඩි දුර පරීක්ෂණයක් අවශ්‍ය බව පවසමින් ඖෂධ නියාමකයන් ඒ සඳහා අනුමැතිය ලබාදීම තවකාලිකව අත්හිටවනු ලැබීය.

Xocova යනු Covid වෛරසය මැඩපැවැත්වීම සඳහා දින පහක් පුරා දිනකට වරක් ගත යුතු මුඛ ප්‍රතිවෛරස් කාරකයකි.

මෙම ඖෂධය මූලික COVID රෝග ලක්ෂණ ඇති රෝගීන් සඳහා ජපානයේ දේශීයව නිපදවන ලද පළමු මුඛ ඖෂධයයි.  

119 Views

Comments