Arakawa කම්හලේ ගින්න පිලිබඳ නවතම අනාවරණයක්


කම්හලේ ගින්න යම්කිසි පුද්ගලයෙකු විසින් ඇතිකර තිබෙන බව හෙළිවී ඇත.

.

පෙබරවාරි මාසයේදී Niigata ප්‍රාන්තයේ මුරකාමි නගරයේ ප්‍රධාන සහල් නිෂ්පාදකයෙකු වන Sanko Seika Co. හි Arakawa කම්හලේ ඇති වූ ගින්නකින් සේවකයින් හය දෙනෙකු මිය ගොස් එක් අයෙකු තුවාල ලැබීය.  

මෙම ගින්න යම්කිසි පුද්ගලයෙකු විසින් ඇතිකරන ලද්දක් බව ඊයේ(14) දින අනාවරණය විය.

මේ අනුව තෝකියෝ ගිනි හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් මේ පිලිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මේ පිළිබඳව වාර්තාවක් හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමටද ඔවුන් සැලසුම් කරයි.

81 Views

Comments