COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින්ගේ අවමංගල්‍ය කටයුතු සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට ජපන් රජය තීරණය කර තිබේ.
ඒ අනුව අදාල අවමංගල්‍ය කටයුතු සඳහා පවුලේ සාමාජිකයන්ට සහභාගී වීමේ අවස්ථාව හිමි වන නමුත් මළ සිරුරු ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස රජය ජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටී.
මීට අමතරව මළසිරුරු විනිවිද පෙනෙන බෑගයක් තුළ තබා ගැනීමෙන් අවදානම අවම කර ගත හැකි බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.