ස්ත්‍රී පුරුෂ පරතරය අනුව 116 වන ස්ථානයට පත්වූ ජපානය


ස්ත්‍රී පුරුෂ භාවය ජපානය116 ස්ථානයට පත් වේ

.

රටක ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව ගොඩනැගී තිබෙන පරතරය සම්බන්ධයෙන් මේ වසරේදී සිදුකරන ලද ශ්‍රේණිගත කිරීම්වලට අනුව එයට සහභාගී වූ රටවල් 146න් 116 වැනි ස්ථානයට ජපානය පත්ව ඇති අතර එම ප්‍රතිඵලය අනුව නැගෙනහිර ආසියානු කණ්ඩායමේ සහ පැසිෆික් කණ්ඩායමේ මෙන්ම G-7 සමූහයේ පහළින්ම ජපානය සිටින බව ස්විට්සර්ලන්තය පදනම් කරගත් චින්තන මණ්ඩලයක් බදාදා නිවේදනය කළේය.

 

ජපානයේ දේශපාලන හා ආර්ථික යන ක්ෂේත්‍රවල කාන්තා සහභාගීත්වය විශේෂයෙන් අඩු මට්ටමක පවතින බව ලෝක ආර්ථික සංසදයේ වාර්තාව මගින් පෙන්නුම් කළ නමුත් රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ප්‍රවේශය සඳහා ඉහළ ස්ථානයක් ශ්‍රේණිගත කිරීම්වලදී හිමිවී තිබේ. 

 

සාමාන්‍ය ලකුණු 0.9 ට වඩා වැඩි අගයක් ලබා ගනිමින් අඛණ්ඩව 13 වැනි වරටත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉහළම රට ලෙස ශ්‍රේණිගත කිරීම් හි මුල් ස්ථානයට අයිස්ලන්තය තේරීපත්වූ අතර

ෆින්ලන්තය, නෝර්වේ, නවසීලන්තය සහ ස්වීඩනය පළමු පිලිවෙලින් එහි පලමු පස් දෙනා අතර විය. මෙහි විශේෂත්වය නම් නෝර්වේ හැර අනෙකුත් සියලුම ඉහළ පෙළේ රටවල් කාන්තා අගමැතිවරුන් විසින් මෙහෙයවන ආකාරය දක්නට ලැබීමයි.

 

Tokyo හි පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් ජපානයේ ඉහළ පෙළේ රාජ්‍ය ප්‍රකාශක Hirokazu Matsuno සදහන් කළේ "ප්‍රතිඵලයෙන් පෙන්නුම් කරන්නේ ජපානයේ තත්ත්වය අනෙකුත් ජාතීන්ට වඩා පසුගාමී බව සහ අපි එය නිහතමානීව පිලිගත යුතු බවයි ."

118 Views

Comments