කාන්තාවකගේ නිවසකට බලහත්කාරයෙන් ඇතුලු වූ අයෙක් අත්අඩංගුවට


මොහු Tottori නගරයේ මලාපවහන සැලසුම් අංශයේ සේවකයෙකු බව වාර්තා වේ.

.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී Tottori නගරයේ පිහිටි කාන්තාවකගේ නිවසකට බලහත්කාරයෙන් ඇතුල් වූ බවට සැකපිට Tottori නගරයේ මලාපවහන සැලසුම් අංශයේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙයට අදාල නඩුව පසුගියදා විභාගයට ගැනුණු අතර එහිදී Tottori දිසා අධිකරණය විසින් ඔහුට වසර 1 යි මාස 6 ක සිරදඬුවමක් සහ වසර 3 ක අත්හිටවූ සිරදඬුවමක් ලබා දී ඇත.

මෙම පුද්ගලයා කිසියම් මානසික විකෘතිතාවයකින් පෙළෙන අයෙකු බවද පරීක්ෂණවලදී හෙළිවී ඇත.

70 Views

Comments