දැනට පවත්නා යුක්රේන - රුසියා උණුසුම් වාතාවරණය සම්බන්ධව ජපානය ප්‍රථම වතාවට සිය මතය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී ඔවුන්ගේ ඒකමතික තීරණය වී තිබුනේ යුක්රේනයට ජපානයේ සහයෝගය සහ ආශිර්වාදය නොඅඩුව ලැබෙන බවත් යුක්රේනයේ ස්වාධීනත්වය ජපානය අගය කරන බවත්ය. තවද කලාපීය රටක් හැටියට යුක්රේනය වෙත දැනට එල්ලවී ඇති පීඩනය අවම කිරීම සඳහා අනෙකුත් රටවල් වලට ආරාධනා කරන බවත් යුක්රේනයට සිදුකරන අනවශ්‍ය අත්පෙවිම් නතර කරන ලෙස ජපානය බලපෑම් කරන බවත් මන්ත්‍රී මන්ඩලය ප්‍රකාශ කලේය.